සේනා දළඹු බලපෑමෙන් බඩ ඉරිඟු වගාව අවදානමක

සේනා දළඹු හානිය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ.

බඩ ඉරිඟු කරල හටගන්නා අවස්ථාවේ දී මීට පෙර සේනා දළඹු හානිය ඇති වුව ද මෙවර කන්නයේ දී බඩ ඉරිඟු වගාව ආරම්භ කර දින දොළහක් පමණ වන විට මෙම සේනා දළඹු හානිය පැමිණ ඇති බව ගොවීහු පවසති.

වසර කිහිපයක සිට බඩ ඉරිඟු වගාවට සේනා දළඹු හානිය ඇති වූ බවත් මේ පිළිබඳ අවස්ථා කිහිපයක දී අදාළ බලධාරින් දැනුම්වත් කළ ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු කිසිදු ආයතනයක් ඊට පිළියම් ලබානොදුන් බවත් බඩ ඉරිඟු ගොවීන් ගේ මතයයි.

සිය කන-කර උකස් කර මුදල් යොදවා වන සතුන් ගෙන් ද ආරක්ෂා කර ගනිමින් ආරම්භ කළ බඩ ඉරිඟු වගාව මේ වනවිට සේනා දළඹු හානියට ගොදුරු වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වීමට නොහැකි බව ගොවී‍යෝ අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published.