මූල්‍ය සහ ඉඩම් ආරවුල් ගැන තීරණ කිහිපයක්

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. 

ඒ අනුව, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා යොමු කිරීම අනිවාර්ය කර ඇත.

එමෙන්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වනපරිදි සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති බවත් පවසයි.

රුපියල් මිලියන 02ක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබඳව වු විශේෂ සමථ මණ්ඩල සඳහා යොමු කළ යුතු බවත් එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරී, නීතිඥ, චින්තක හේරත් මහතා, 

“මේ වනවිට උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්කවලට අමතරව අනුරාධපුර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, පොළොන්නරුව හා රත්නපුර යන දිස්ත්‍රික්කවල විශේෂ ඉඩම් සමථ මණ්ඩල පිහිටුවා තිබෙනවා.”
 
“එමෙන්ම කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල,අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉඩම් සම්බන්ධ විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට ආරම්භ කර තිබෙනවා.” 

“මෙම සමථ මණ්ඩල සඳහා පත් කරනු ලබන සමථ මූල මණ්ඩල සාමාජිකයින්ට ඉඩම් පිළිබඳව විශේෂ පුහුණුව ලබාදෙන අතරම ආරවුල් පිළිබඳව පැමිණිලි විසඳීමේදී ඔවුන්ට ඇති වන ගැටළුවලට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ විද්වත් කමිටුවක් පත් කරනු ලබනවා.”

“ඒ අනුව රුපියල් මිලියනයක මූල්‍ය සීමාවක් දක්වා පැමිණිලි පිළිබඳව ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. රුපියල් මිලියන දෙකක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබඳව වු විශේෂ සමථ මණ්ඩල සඳහා ඉදිරිපත් කළ යුතුයි. මෙම මූල්‍ය සීමාවන්ට වඩා වැඩිවු පැමිණිලි වුවද පාර්ශ්වයන්ගේ එකඟතාවය අනුව විශේෂ සමථ මණ්ඩල සඳහා ඉදිරිපත් කළ හැකියි.”

Leave a Reply

Your email address will not be published.