කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.