ප්‍රදේශ දෙකක ඝාතන දෙකක්

දිවයිනේ ප්‍රදේශ දෙකක දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

සෙවණගල සහ මීරිගම යන ප්‍රදේශවල දී මෙම ඝාතන සිදු ව ඇති බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

ඉන්, පහර දී ඝාතනය කර ඇති බවට සැක කරන පුද්ගල මළසිරුරක් සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මීරිගම – මාකුර ප්‍රදේශයේ නිවසක දී 64 හැවිරිදි කාන්තාවක් මුගුරකින් පහර දී ඝාතනය කර තිබේ.

සිය දියණිය ගේ සැමියා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔහු විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර, සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.