පාතාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා වී තිබේ.
ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු පිරිස් අපරාධ සිදුකිරීම සඳහා යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවද කාරක සභාවේදී අනාවරණය විය.
එහිදී අපරාධකරුවන් හඳුනාගැනීම පිළිබඳව යම් දුර්වලතාවයක් පවතින බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
තම ප්‍රදේශ තුළ සිටින අපරාධකරුවන් හඳුනාගැනීමට දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් සිටීනම් අපරාධ සිදුවීමට පෙරම එය වළක්වා ගත හැකි බවත් ඒ හේතුවෙන් දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් හඳුනාගෙන ඔවුන්ව අදාළ ප්‍රදේශවලට සේවය සඳහා යොමු කිරීමට අවධානය යොමුකර ඇති බව පොලිස්පතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා විය.
පාසල් දරුවන් ඉල්ලක්ක කර මත්පෙති මඟින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියා කරන බව පොලිස් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
මත්ද්‍රව්‍ය පාලනයේදී මුලිකවම සිදුකළ යුත්තේ රට තුළ ට එම මත්ද්‍රව්‍ය පැමිණීම වැළක්වීම බවද ඔවුහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම වැනි නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී සාකච්ජා විය.