නොවැම්බර් මාසයේ සංචාරකයින් 137,000 ක් දිවයිනට

2023 නොවැම්බර් මස මුල් දින 27 තුළ දී සංචාරකයින් 137,703 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2023 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,263,158 ක් ලෙසයි දැක්වෙන්නේ.

නොවැම්බර් මාසයේ පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ, ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින්.

Leave a Reply

Your email address will not be published.