හපුතලේ හා දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් පෙරලීමෙන් දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද (01) අලුයම හපුතලේ හා දියතලාව අතර දුම්රිය මාර්ගයට ගල් හා පස් කන්දක් කඩා හැලීම නිසා මාර්ගය අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමීණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයට  ආපසු හරවා යැවූ බවත්, දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් හා දියතලාව යුධ හමුදා කඳවුරේ භට පිරිස් මේ වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published.