ඩීසල් මිළ අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු


ඩීසල් මිළ අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව පසුගිය මාස කිහිපයකදී ඩීසල් රුපියල් 15 කින් වැඩි වූ බවත් එම අවස්ථාවේදී බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ බවත් එම වැඩිවූ මිල හා සංසන්දන​ය කිරීමේදී රුපියල් 12 ක අඩුවීමක් පමණක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම අඩුවීම බස් ගාස්තුවට බලපෑමක් සිදු නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published.