නව කැළණි පාලම අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) පළමු අදියර යටතේ අද (01) සිට වසා තැබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු අදියර යටතේ අද රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 04 වනදා උදෑසන 6.00 දක්වා නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) වසා තැබෙන බවයි සඳහන් වන්නේ.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, අපහසුතා මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published.