මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමිනි.
එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවය.