ඇදහැලුනු අධික වැස්සත් සමග දුම්රිය සංඥා පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරන බවය.
ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය මෙලෙස ප්‍රමාද වී තිබුණි


