මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගම් දෙක වන සිනෝපෙක් සහ අයි.ඕ.සී. යන සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන අළෙවි කරන බව නිවේදනය කළේය.
ඒ අනුව එම සමාගම දෙක ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පදිරි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට එම සමාගම්වල ඉන්ධන මිල ද සමාන කළේය.
ඩීසල් ලීටරයක් රුපියල් 329 කට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346 කට, භූමිතෙල් ලීටරයක් රුපියල් 247 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426 කට සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434 කට එම සමාගම් දෙක ද අළෙවි කරයි.