ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් සංගීතවත් කල ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා.

තාර පාර දිග පාට පාට කඩ, කටු අකුලේ මල් ඇහැරේ, පහන තියා බුදු සාදුට ආදී ජනප්‍රිය ගීත රැසක්ම ඔහු අතින් සංගීතවත් වූ අතර, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදුන්නා.

ගුරුවරයෙකු, ගුරු උපදේශකවරයෙකු හා සංගීත විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසද මහඟු මෙහෙයක් කළ ආනන්ද ගමගේ මහතා මිය යන විට 73 වැනි වියේ පසුවුනා.

Leave a Reply

Your email address will not be published.