තැපෑලෙන් මෙරටට ආ මිලියන 43 ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ කටයුතුවලදී තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිවුණා.

මත්ද්‍රව්‍ය අඩංගු වේ යැයි සැකපිට පාර්සල් 25 ක් පරීක්ෂා කර මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බවයි පැවසෙන්නේ.

එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29 ක් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවයි වාර්තා ‍වන්නේ.

Leave a Reply

Your email address will not be published.