නාගරික නිවාස අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර පෙබරවාරියේ

නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේ සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ යටතේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට පවරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද සඳහන් කළේ.

එවැනි නිවාස 52,000 ක් පමණ මේ වනවිට හඳුනා ගෙන ඇති බවත් ඉන් 50% ක ඔප්පු ප්‍රදානය පළමු අදියරේදී සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.