ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල පහළට

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉල්ලුම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඉදිකිරීම් කේෂ්ත්‍රයට මෙය ඉතා හොඳ පන්නරයක් වනු ඇති බවයි එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර සඳහන් කළේ.

තවදුරටත් තීරු බදු වැඩි නොකරන ලෙසත් මෙම ක්ෂේත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published.