කේරළ ගංජා එක්ක පොහොට්ටු ප්‍රා.සභා හිටපු සභික මාට්ටු

මිද්දෙනිය පොලිස් වසමේ ඕක්නදයායේ දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කන්ඩායමක් විසින් ඊයේ සවස සිදු කරන ලද වැටලීමකින් අනතුරුව කේරල ගංජා කිලෝග්‍රෑම් 08ක් ළග තබා ගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභිකයෙකු සහ තංගල්ල ධීවර වරායේ ආරක්ෂක නිළධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබූණි.  

පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ 42 වැනි වියේ පසු වන ඕකන්දයායේ පදිංචිව සිටින වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු හා මිද්දෙනිය ජූලම්පිටියේ පදිංචිව සිටින 29 වැනි වියේ පසු වන අයෙකි.

Leave a Reply

Your email address will not be published.