ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම කළුතරින් ආරම්භ කෙරේ

E – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම අද (05) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ.

ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවත් දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.