බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලෝරිස් පාර ප්‍රදේශයේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 24 ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර එම ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද අවුරුදු 25 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය විමර්ශන සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published.