මරදාන දුම්රිය ස්ථානයේ වහළයෙන් වැටී පුද්ගලයෙක් රෝහලට

මරදාන දුම්රිය ස්ථානයේ වහලට නැගි පුද්ගලයෙක් ඉන් ඇද වැටී අද (05) රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.00 ට පමණ මොහු වහලට නැග ඇති අතර ඔහුව වහලය මතින් ඉවත් කර ගැනිමට මරදාන පොලීසීය හා මරදාන දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය අවස්ථා කිහිපයකම උත්සහ කලත් එය අසාර්ථක වී ඇති බවයි සඳහන් වන්නේ.

පෙරවරු 11.20 පමණ ඔහු වහලය මතින් ඇවිදමින් සිටිය දී වහලයේ සෙවිලි තහඩුවක් කැඩී දුම්රිය වේදිකාව මතට වැටී ඇති අතර ඔහුගේ හිසට හානි සිදුවීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. 

Leave a Reply

Your email address will not be published.