අයියා මරා පිළිස්සීයැයි මල්ලී අත්අඩංගුවට

අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර පුළුස්සා ඉතිරි වූ කොටස් බලපාත දොළට දැම්මේ යැයි කියන 58 හැවිරිදි මල්ලී සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනයවී තිබුනේ, අකුරැස්ස,හේනේගම, බලපාත,උඩුගමවත්ත හේන තාවකාලිකව පදිංචිව සිටි 65 හැවිරිදි මනම්පේරිගේ කරුණාදාස නැමැති තිදරු පියෙක් බවත් පොලීසිය පැවසීය.
දෙදෙනාගේම නිවෙස් දෙකම ස්ථාපිතව ඇත්තේ එකම ඉඩමක උස් කදු මුදුණක වන අතර මියගිය පුද්ගලයාගේ ස්ථිර පදිංචිය  දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේය. රැකියාව කුරුඳු තැලීම වන අතර මසකට වරක් බලපාත ගමේ නිවසට පැමිණ කුරුඳු තලා මුදල් රැගෙන යළි දෙහිඅත්තකණ්ඩියට යන බව සඳහන් ඥාතීන් පවසති.

Leave a Reply

Your email address will not be published.