ඉදිරියේදී අවුරුදු 17 න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙන බවයි.

එමෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ග කර ඇති බවද සඳහන් වනවා.

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් කිසිදු දරුවෙකු අසමත් නොවන බවත් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීමට යෝජනා කර ඇති අතර ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යයනය ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.