ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයන් විසි එක් දෙනා තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති තිබෙනවා.

ඒ අනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.