හමාස් නායකයා ඊජිප්තුවට

ගාසා තිරයේ යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයේ ඊජිප්තුවට පැමිණ තිබේ.

ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා සමඟ සාකච්ඡා පැවැත්වීම සදහා ඔහු පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

පසුගිය මාසයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරිම සඳහා මැදිහත්කරුවන් ලෙස ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය කටයුතු කළේය.

මේ අතර, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා යළිත් සටන් විරාමයකට සුදානම් බවට ඊශ්‍රායල් ජනාධිපති ඉසාක් හර්සෝග් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.