යුද හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් කෝටි පහකට අධික වටිනා ⁣ගංජා හේනක් වටලයි

යාල රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් වගාකරන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු අනුව මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් යාල රක්ෂිතය තුළ (18) දිනයේ සිට දින 4 පුරා සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව අක්කර පහක වපසරියක් යුත් ගංජා හේනක් වටලා ඇත.

වැටලීම සිදුකරන අවස්ථාව වන විට එම හේන කැපීමට සූදානම් තත්වයේ තිබී ඇත. එහි කෝටි පහකට වඩා වැඩි වටිනාකමන් යුත් එම හේන වැටලීමේදී එහි සිටි සැකකරුවෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

යාල රක්ෂිතයේ පිලිමගල, මහාආරු ප්‍රදේශයේ බුත්තල – කතරගම මාර්ගයේ සිට සැතපුම් 10ක් පමණ දුරකින් අක්කර පහකට වැඩි භූමි ප්‍රමාණයක් තුළ මෙම හේන වගා කර ඇති අතර, එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇත.

සැකකරු හා ගිනි අවිය අද දින (21) තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published.