බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයින්ට 50,000 නොඉක්මවූ දඩයක්

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

එසේම තක්සේරු වර්ෂයක යම් තැනැත්තෙකු 1,200,000 ක වැඩි ආදායමක් ලබන්නේ නම් ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙලෙස ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී රුපියල් 50,000 ක් නොඉක්මවන දඩයක්ද පනවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.