පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ සංකේත වර්ජනයක

වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදුන් රුපියල් 35,000ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා නොදීමට එරෙහිව අද පෙරවරු 8.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබා දීමට එකඟ වුවද සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස එය ඉටු නොකිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.