සජබ 30 වැනිදා පාරට බසී

වැට් වැඩි කළාට විරුද්ධව ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එදා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගත්තේ ද සමගි ජන බලවේගය බව කී මරික්කාර්  මහතා ලබන  30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමග වැඩේ පටන් ගන්නා බව මරික්කාර් මහතා සඳහන් කළේය.

අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බව කී මන්ත්‍රීවරයා පස්ස බලන්නේ ආණ්ඩුව එළවා දමා බව කීය.

Leave a Reply

Your email address will not be published.