අග්නිදිග සරසවියේ පීඨ කිහිපයක් වැසෙයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවතින ගංවතුර අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු අග්නිදිග විශ්වවිද්‍යාලයේ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

කෙසේවෙතත් ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.