මහා පරිමාණයෙන් Online ණය දෙන මධ්‍යස්ථානයක් වටලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීට අමතරව එම ආයතනය සතුව තිබූ පරිගණක අටක්, ලැප්ටොප් වර්ගයේ පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් සිය භාරයට ගෙන ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.

මෙහිදී මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ දී, ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු OPT අංකයක් මඟින් ලබාගෙන සමාජයේ වෙනත් අයට ඇතැම් තොරතුරු පතුරුවන බවට තර්ජනය කරමින් අදාළ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published.