කන්දකාඩු සිදුවීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක් පත්කෙරේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හා නිර්දේශය ඇතුළත් වාර්තාව සති 03ක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා විසින් පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස එම්.එස්.පී. සූරියප්පෙරුම, ආර්.එස්. හපුගස්වත්ත, පියුමන්ති පීරීස් හා ඩී. එම්. සමන් දිසානායක පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.