දුම්රිය එන්ජිමක් පීලි පනී

දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කොළඹ සිට සීදුව බලා  ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිමක් රාගම සහ ජාඇල දුම්රිය ස්ථාන අතර දී පීලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා  වේ.

එමෙන්ම කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බව සඳහන් වේ.

මේ වන විට අදාළ දුම්රිය එංජිම පීලී ගත කිරීමේ කටයුතු සඳහා  සේවා දුම්රියක් එම ස්ථානය වෙත යොමුකර ඇති අතර එංජිම පීලී ගත කිරීමේ කටයුතු සඳහා පැය කිහිපයක කාලයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.