උතුරු කොරියාවෙන් බිහිසුණු ප්‍රතිචාරයක්

මේ දිනවල කොරියානු අර්ධද්වීපය දේශපාලනික වශයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඊට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා එක්ව සිදුකරනු ලබන හමුදා අභ්‍යාසය යි.

එම අභ්‍යාසයට උතුරු කොරියාව දක්වන ප්‍රතිචාරය දෙස සියලුදෙනා විමසිල්ලෙන් සිටියහ.

ඒ අනුව උතුරු කොරියාව පවසන්නේ ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් තමන් අත්හදා බැලූ බවය.

“Haeil-5-23” ලෙස එම අත්හදා බැලීම නම්කර තිබූ අතර එහිදී ජලය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික බලය සහිත ප්‍රහාරක ඩ්‍රෝන ක්‍රියාත්මක කර තිබුණි.

එම අත්හදා බැලීම් එරට නැගෙනහිර මුහුදේ සිදුකර ඇති බව වාර්තා වෙයි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකතු කිරීමට දැන් හැකියාවක් නොමැති බව පසුගිය සතියේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මෑතකදී පැවසීය.

ඔහු පැවසුවේ දකුණු කොරියාව, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා ලෙස සලකන බවය.

Leave a Reply

Your email address will not be published.