ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද පුංචි දිස්නගේ දේහය නිවසට

කැලණි ගඟේ තොටුපොළක දියනෑමට ගොස් කිඹුලෙකු ඩැහැගෙනයාමෙන් අතුරුදන් වූ 9 හැවිරිදි දරුවාගේ දේහය ඥාතීන්ගේ සෝ සුසුම් මැද නිවසට රැගෙන ආවේය.

ඒ අනුව පුංචි දිස්නගේ දේහය ඊයේ (18) රාත්‍රියේ ඔහුගේ නිවසට රැගෙනවිත් තිබුණි.

කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ කැළණි ගං තොටුපොලේදී පුංචි දිස්න මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබුණි.

මිත්තණිය රෙදි සෝදමින් සිටින අතරතුර ඒ ආසන්නයේ පුංචි දිස්න සිය බාල සොහොයුරු සමඟ දියනාමින් සිටියදී අනපේක්ෂිත අයුරින් එක්වරම පැමිණි කිඹුලෙකු දිස්නව ඩැහැගෙන ගොස් තිබුණි.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් පුංචි දිස්න සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ අතර ප්‍රදේශවාසීන් ද ඊට සහය ලබාදුනි.

ඒ අනූව දිස්නගේ මළසිරුර සොයාගෙන තිබුණේ දරුවා දිය නෑමට ගිය ස්ථානයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ ගඟ පහළට වූ ප්‍රදේශයේ තිබීයදීය.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ මුහුණදුන් 9 හැවිරිදි දිස්න පදිංචිව සිටියේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේය.

Leave a Reply

Your email address will not be published.