බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් හමුවූ උණ්ඩ

බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය අසළ වළ දමා තිබූ ගිනිඅවි වර්ග දෙකකට යොදන ජීව උණ්ඩ 15 ක් හමුවී තිබේ.

ටී 56  ගිනිඅවි වලට හා එම් 16  ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ බව බොරැල්ල පොලිසිය කියයි

බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් මහල් නිවාසවල පදිංචි පුද්ගලයකු කොළඹ මහ නගර සභා සේවකයින් සමඟ එම මහල් නිවාස සංකීර්ණයට අයත් වැසිකිළි පද්ධතිය පිරිසිදු කිරීමේදී එම ජීව උණ්ඩ තොගය හමුවී ඇත.

ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එම ජීව උණ්ඩ පොලීසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මේවා කලකට ඉහතදී කිසියම් පුද්ගලයෙකු වළ දමන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.