TIN අංකය ගැන විශේෂ දැනුම්දීමක්

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මිලියන 15ක් පමණ වූ අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, මේ තුළින් රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් රට තුළ නිර්මාණය වන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published.