ජීවිත බිලිගත් මාරක අනතුරු කිහිපයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් ජීවිත රැසක් අහිමි වී ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (24) උදෑසන තිස්ස – මාතර මාර්ගයේ මැදඑළිය ප්‍රදේශයේ දී රන්න දෙස සිට හුංගම දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ අතර එහි ගමන් ගත් අවුරුදු 12ත් 71ත් අතර වයස්වල පසුවන 7 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මිය ගිය පුද්ගලයා අවුරුදු 75ක් වූ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් ලොරි රථ රියදුරුද තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර කොළොන්න පොලිස් වසමේ පනාමුර කළුපොත්දෙණිය මාර්ගයේ දොරපනේ ප්‍රදේශයේ දී මොරවාඩිය දෙස සිට දොරපනේ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ බෑවුම් ප්‍රදේශයක දී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ වම්පසට පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ ස්වාමිපුරුෂයා සුළු තුවාල ලබා තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 64ක් වූ යද්දෙහිකන්ද, දොරපනේ පදිංචිකාරියකි.

මේ අතර හලාවත පොලිස් වසමේ හලාවත – කොක්කාවිල මාර්ගයේ මනක්කුලම අතුරු මාර්ගයේ කරවිටාගාර ප්‍රදේශයේ දී නක්කුලම දෙස සිට කොක්කාවිල දෙසට ධාවනය වූ යතුරුපැදියක් නවතා තිබූ ලොරියකට ඉස්සර කිරීමට යෑමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරියක ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් 26 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර පල්ලෙකැලේ පොලිස් වසමේ ඒ 26 ප්‍රධාන මාර්ගයේ අභීත ක්‍රීඩාංගණය අසල දී දිගන දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ජිප් රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ කාර් රථයක් ජීප් රථයට හැරවීම සඳහා නැවැත්වීමේ දී පිටපසින් ආ ත්‍රීරෝද රථය කාර් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබිණි.

එහිදි පදික කාන්තාවක් අනතුරට ලක්ව ඇති අතර, 69 හැවිරිදි ඇයව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.