පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදුකළ කළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය.

ඊයේ (01) පෙරවරුවේ මෙය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක් දරු පියෙකි.

ඔහු යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කර ඇති බව පොලීසිය පවසයි.

මීට පෙර දිනයක දී මෙම යුද හමුදා සෙබළාගේ නිවසට පැන ඔහුගේ බිරිඳගේ රත්‍රං මාලයක් සොරෙකු විසින් සොරකම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතී මෙම පුද්ගලයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් මෙලෙස තියුණු ආයුධයකින් යුද හමුදා සෙබළාට පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.