යුක්තියෙන් මිලියන 7,733 ක මත්ද්‍රව්‍ය අල්ලයි

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට මෙරට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම මගින් දිවයින පුරා සිටි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 56,541ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර සිටින මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,981ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.

නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,083 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම මිලියන 7,733 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපළවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 726කට ආසන්න බව අනාවරණය වී ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,983 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,117ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන්  5,286 ක්ද සිටී.

ඇඟිලිසටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 262ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 318 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.