පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති බවය.
එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ.
ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.
පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පිපිරීම්වල වගකීම මේ දක්වා කිසිවෙකුත් භාරගෙන නොමැති බවද එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හෙට දිනයේ එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමක මෙම පිපිරීම් සිදුවීම සම්බන්ධයෙන් ලෝකයේම අවධානය පාකිස්තානය වෙත යොමුව තිබේ.