අනියම් ඇසුර දරුවන් පහකට මව් පිය සෙනෙහස අහිමි කරති

අනියම් සබධතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදි දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබූ තිදරු පියාගේ සිරුර සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස ගෙළවැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ සූරියවැව බැද්දේවැව පෝල්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.

සූරියවැව පෝල්පහ ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි දෙදරු මවකගේ හිස ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත් වු අතර එහිදී අනාරවරණ වී තිබුණේ මියගිය කාන්තාව හා සැකකරු අතර කලක් තිස්සේ අනියම් සබධතාවයක් මෙම ඝාතනයට හේතු විය හැකි බවයි.

සැකකරු සිය අනියම් බිරිය ඝාතනය කිරිමෙන් පසු ඒ පිළිබදව සූරියවැව පොලිසියටද දුරකතන ඇමතුමක් ලබා ප්‍රදේශයෙන් පළාගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published.