ඇතුලේ එකක් එළියේ එකක් ගැන සජබේ හෙළිදරව්වක් ගැන චාමර කියයි

ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව අතරවාරයේ සමගි ජනබලවේගයේ පිරිස් සභා ගර්භයෙන් පිටව යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්‍ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දෙබිඩි පිළිවෙත පිළිබද ඕනෑ තරම්  උදාහරණ ඇති බවයි.

රට වැටී ඇති අවස්ථාවේ මෙරට සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී විවාද කිරීමටයි නියමිතව ඇත්තේ.
 

Leave a Reply

Your email address will not be published.