ආණමඩුවේ වෙඩිතැබීමක්

ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ සිදුකර ඇති එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති බවය.

පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරුකර යවා තිබේ.

මෙලෙස වෙඩිවැදී ඇත්තේ 45 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුටය.

වෙඩික්කරු පළාගොස් ඇති අතර පෞද්ගලික ආරවුලක් වෙඩිතැබීමට හේතු වන්නට ඇති බව පොලීසිය සැකකරයි.

Leave a Reply

Your email address will not be published.