දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි කොල්ලකරුවෙකු එම නිවසේ සිටි පුද්ගලයින් සිදු කළ පහරදීමකින් මිය ගොස් තිබේ.

අද (11) අලුයම 04ට පමණ දේපොළ කොල්ල කෑමේ අරමුණින් කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවසට ඇතුළු වී ඇති බව පොලීසිය පැවසීය.

එහි දී ඉන් එක් කොල්ලකරුවෙකුට නිවසේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන් ය.

බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේ දී ම මිය ගොස් තිබේ.

සෙසු කොල්ලකරුවන් දෙදෙනා පළා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.