ජනතාවට නොමිලේ LED බල්බ?

ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස  බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී ඇත.

එසේ ලබා දුනහොත්   මාස දෙකකදී ඒ සඳහා වැය වූ  මුදල රජයට  උපයාගත හැකි බව    බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ  පාර්ලිමේන්තු  කාරක සභාව පවසයි.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය කෙරුණේ එම රැස්වීමේදීය.

නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු කමිටුව හමුවේ  පෙන්වා දුන්හ.

මෙම කාරක සභාවට  ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ  නිලධාරීහු  පිරිසක්ද  සහභාගිවූහ. එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්  ඔවුහු  කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

Leave a Reply

Your email address will not be published.