ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලයෙන් දැඩි තීරණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති.

පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කළ ප්‍රකාශවලට එරෙහි ව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඊයේ (16) දිනයේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඔහුගේ කාර්යාලයේ බලහත්කාරයෙන් රඳවා ගත් අතර, පැය 06කට ආසන්න කාලයකට පසු ඔහු එම කාර්යාලයෙන් ඉවත් වූයේ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙනි.

Leave a Reply

Your email address will not be published.