ව්‍යාජ අයදුම් පත්‍රයක් ගැන දැනුම්දීමක්

අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවද එම කාර්යාංශය අවධාරණය කරයි.

2024 වර්ෂයේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වනවිට අන්තර්ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තවදුරටත් අවධාරණය කර තිබේ. 

එසේම මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය ද නිල වශයෙන් තහවුරු කර ඇති බවද කාර්යාංශය පෙන්වා දෙයි.

එම ව්‍යාජ Google Forms වෙත ඔබගේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.