කැපුම් තුවාල සහිත අභිරහස් මරණයක් 

තිදරු මවක කැපුම් තුවාල සහිත ව අභිරහස් ලෙස මිය ගොස් ඇති බව අලුත්ගම පොලීසිය පවසයි.

ඊයේ (17) රාත්‍රී 08.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය වාර්තා කර ඇත.

එසේ මිය ගොස් ඇත්තේ, මොරගල්ල – කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි එස්.ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැවිරිදි කාන්තාවකි.

මිය ගොස් ඇති කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිත ව නිවසේ වැටී සිට ඇති අතර, ඇය ව බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පොලිස් විමර්ශනවල දී නිවසේ නිදන කාමරයේ, මැදසාලය සහ ඉදිරිපස දොරටු අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් ඇත.

මරණකාරිය මෙම සිද්ධියට මුහුණ පාන අවස්ථාවේ නිවස තුළ කාන්තාවගේ ස්වාමියා, පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.