අපරාධ ගැන පොලීසියෙන් අලුත් වාර්තාවක්

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිදුවීම් වලින් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අද (26) මාධ්‍ය හමුකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

මේ අතර ගෙවල් බිඳුම් දේපොළ සොරකම් කිරීමේ සිද්ධි 1,180ක් වාර්තා වී ඇති බවත් මංකොල්ලකෑම් 310ක් වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය. 

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ අපරාධමය තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කරන විවිධ ක්‍රියාමාර්ග පොලීසිය මේ වනවිට ගනිමින් සිටින බවය.

මේ අතර ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ වෙඩිතැබීමේ සිදුවීම්වලින් 10ක් පමණ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.