රජීව් ගාන්ධි ඝාතන වැරදිකරු මරුට

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ චෙන්නායි හි රජීව් ගාන්ධි රජයේ රෝහලේදී ඔහු මියගිය බවයි.

ඒ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බව වාර්තා වෙයි.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුව සමාව දුනි.

සිය මව බැලීම සඳහා ශාන්තන් තව නොබෝ දිනකින් මෙරටට පැමිණීමට නියමිතව සිටියේය.

නමුත් හදිසියේ ඇතිවූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.